‘කොරෝනාට මං බය නෑ’ රේගු ලොක්කෙක් කියති.. මුව ආවරණ ගලවාගෙන දෙස් විදෙස් සමාගම් ලොක්කන්ටද ගලවන්නැයි කියයි.. මූණ බලන්න ඕනෑ කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, January 28, 2021

‘කොරෝනාට මං බය නෑ’ රේගු ලොක්කෙක් කියති.. මුව ආවරණ ගලවාගෙන දෙස් විදෙස් සමාගම් ලොක්කන්ටද ගලවන්නැයි කියයි.. මූණ බලන්න ඕනෑ කියයි

සුගිය සතියේ රේගුවේ ප්‍රධාන කාර්‍ය්ලය වෙත භාන්ඩ නිස්සාරණය කරන දෙස් විදෙස් සමාගම්වල ප්‍රධානින් කැදවා තිබිනි.

ඒ සදහා මෙරටේ ව්‍යාපාර කටයුතුවල යෙදෙන දේශිය හා ජාත්‍යන්තර සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව මුව ආවරණයන් පැලද සහභාගි වූහ.

නමුත් රේගු ප්‍රධානියෙක් ඊට සගභාගිවෙමින් එම ආයතනයන් ප්‍රධානින්ට උසුලු විසුලු කරමින් මුඛ ආවරණයන් ඉවත් කර ඔහුට මූහුන පෙන්නවන්නයි ඉල්ලා ඇත.

කෝරොනා සදහා බිය නොවී තමා සිටින ලෙස මුඛ ආවරණයන් පලදිමෙන් වලකින ලෙසත් උපදෙස් දී තිබේ.

සාකච්ඡාව අවසන් කර පිටතට පැමිණි පිරිස මවිතයට පත්ව ඇත්තේ ජනාධිපතිතුමා සහ අගමැතිතුමා පවා නිසි ආරක්සිත පියවර ගනිමින් සාකච්ඡා පවත්වන මෙවැනි කාලයක රටේ වගකිවයුතු ස්ථාවල ප්‍රධානින් මෙසේ හැසිරෙන්නේ කාගේ බලපුලුවන්කාර කමක් සහිතව ද කියමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad