පානදුර මහදවල් මිනීමැරූ ඝාතකයන් පොලිස් ලොක්කෙක් හරහා බාරවීමේ සූදානමක් - EXCLUSIVE - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, January 28, 2021

පානදුර මහදවල් මිනීමැරූ ඝාතකයන් පොලිස් ලොක්කෙක් හරහා බාරවීමේ සූදානමක් - EXCLUSIVE

පානදුර ප්‍රදේශයේදී පසුගියදා මහදවාලේ වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනා පොලිස් ප්‍රධානියකු හරහා බාරවීමේ සූදානමක් ඇති බවට පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.

ඒ අනුව පසුගිය දිනෙක දේශපාලන හයිහත්තිය ඇති මතුගම ප්‍රදේශයේ පාතාල කල්ලි නායකයකු පොලිස් ප්‍රධානියකුට ඇමතුමක් ලබා දී මේ බව දැනුම් දී ඇති බව එම ආරංචි මාර්ග කියයි.

මීට අමතරව ඝාතනයේ මහමොළකරු ලෙස සැක කරන ඩුබායිහි රැදී සිටින සැකකරුවකු ඔස්ට්‍රේලියානු දුරකතන අංකයකින් පොලිසියට කතා කොට එම පුවත තහවුරු කොට ඇති බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරයි.

-mawratanews


No comments:

Post a Comment

Post Bottom Ad