කොරෝනා මෘත දේහ කූල් කරනවාට විරෝධය.. අධිකරණ වෛද්‍ය කාර්යාලයේ සියල්ලෝ සේවයෙන් ඉවත් වෙති… - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, January 3, 2021

කොරෝනා මෘත දේහ කූල් කරනවාට විරෝධය.. අධිකරණ වෛද්‍ය කාර්යාලයේ සියල්ලෝ සේවයෙන් ඉවත් වෙති…

මහනුවර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සියලුම සේවකයන් අද දිනයේ තම රාජකාරී කටයුතුවලින් ඉවත් වී තිබේ. මිය ගිය කොරෝනා ආසාදිත පුද්ගලයෙකුගේ මළ සිරුරක් එහි ශීතාගාරයේ තැන්පත් කර තැබීමට විරෝධය පළ කරමින් මෙම ක‍්‍රියාමාර්ගය ගෙන ඇත.

මෙම මළ සිරුර ඉවත් කරන්නැයි බලධාරීන් දැනුවත් කළ ද ඒ සිදුකර නොමැති බව ඔවුන් පෙන්වා දෙයි.

මේ හේතුවෙන් කාර්යාලයේ සියලු දෙනා දැන් සෞඛ්‍ය අනාරක්ෂිත තත්ත්වයට පත්ව ඇති බවත් ඊට විරෝධය පාමින් මෙම ක්‍රියාමාර්ගය ගන්නා බවත් ඔවුහු කියා සිටිති.

No comments:

Post a Comment

Post Bottom Ad