දයාසිරි කොරෝනා පොසිටිවූ වීමත් සමග පාර්ලිමේන්තුව කැළබෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, January 8, 2021

දයාසිරි කොරෝනා පොසිටිවූ වීමත් සමග පාර්ලිමේන්තුව කැළබෙයි


රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර කොවිඩ් – 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමත් සමඟම ඔහුත් සමඟ පසුගිය දෙසැම්බර් මස ප්‍රිය සම්භාෂණයක විනෝද වූ දේශපාලඥයන් රැසකට කොරෝනා වෛරසය වැළදිමේ වැඩි ඉඩකඩක් මතුවී ඇතැයි වාර්තා වේ.
සෞඛ්‍ය අංශ විසින් උත්සව සමයේ ප්‍රිය සාද නොපවත්වන්නැයි ඉල්ලීම් කර තිබියදි ඉහළ පෙලේ දේශපාලඥයන්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම ප්‍රිය සම්භාෂණයේ චායාරූප සහ විඩීයෝ දර්ශණ පසුගිය කාලය පුරා සමාජ මාධ්‍යවල සංසරණය වනු දක්නට ලැබුණි.

එක් වීඩියෝවක පොහොට්ටුව පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ මැති ඇමතිවරුන් වන දයාසිරි ජයසේකර, විමල් වීරවංස, හරීන් ප්‍රනාන්දු, මනූෂ නානායක්කාර නිරෝධායන නිතී බල්ලට දමමින් කරේ අතදමාගෙන ගීත ගයනු දක්නට ලැබුණි.

මේ අතර දයාසිරි ජයසේකර ඇමතිවරයාට කොරෝනා ආසාදනය වූ බව සැලවූ පාර්ලිමේන්තුවේ දී ප්‍රසිද්ධියේ පැණි බිව් මැති ඇමතිවරුන් වඩාත් බියට පත්වී ඇතැයි වාර්තා වේ.


No comments:

Post a Comment

Post Bottom Ad