පරරාජසිංහම් ඝාතන නඩුවෙන් පිල්ලෙයාන් නිදොස් කොට නිදහස් - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, January 12, 2021

පරරාජසිංහම් ඝාතන නඩුවෙන් පිල්ලෙයාන් නිදොස් කොට නිදහස්

ජෝසප් පරරාජසිංහම් ඝාතන නඩුවෙන් සිවනේෂතුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඇතුළු සැකකරුවන් 5 දෙනා, මඩකලපුව මහාධිකරණය නිදොස් කොට නිදහස් කර තිබේ. මඩකලපුව මහාධිකරණය ජෝසප් පරරාජසිංහම් ඝාතන නඩුවෙන් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඇතුලු සැකකරුවන් 5 දෙනා අද නිදොස් කොට නිදහස් කළේ ය.

අද දින නඩුව කැඳවනු ලැබුවේ මඩකලපුව මහාධිකරණ විනිසුරු ඩී. එස්. සූසෙයිදාසන් මහතා හමුවේයි.

පසුගිය 11 වනදා මෙම නඩුව කැඳවු අවස්ථාවේදී නීතිපති දොපර්තමේන්තුව අධිකරණයට දැනුම්දෙනු ලැබුවේ පිල්ලෙයාන් ඇතුලු විත්තිකරුවන්ට එරෙහි නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට අදහස් නොකරන බවයි.

ඒ අනුව විත්තිකරුවන් 5 දෙනා නිදොස් කොට නිදහස් කිරීමට මඩකලපුව මහාධිකරණය නියෝග කළේ ය.

2005 වසරේ දෙසැම්බර් 25 වනදා ජෝසප් පරරාජසිංහම් මහතා වෙඩි තබා ඝාතනය කෙරිණ.


No comments:

Post a Comment

Post Bottom Ad