ප්‍රතිවාදියාගේ මතය ඉවසීමට විනයක් තිබිය යුතුයි – ඩලස්ගෙන් ජනපතිට අවවාදයක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, January 10, 2021

ප්‍රතිවාදියාගේ මතය ඉවසීමට විනයක් තිබිය යුතුයි – ඩලස්ගෙන් ජනපතිට අවවාදයක්

දේශපාලඥයන් ලෙස ප්‍රතිවාදියාගේ මතය ඉවසීමට සංයමයක් තිබිම අත්‍යාවශ්‍ය බව විදුලිබල ඇමති ඩලස් අලහප්පෙරුම පවසයි.

“පාර්ලිමේන්තුවේ ආන්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු එකිනෙකා අමතන්නේ කොහොමද සිංහයගේ නම ඇරෙන්න කැලේ ඉන්න හැම සතාගෙම නමින් කතා කරලා බනිනවා. මේව ඉවසිමට විනයක් තිබිය යුතුයි.” යැයි ඇමතිවරයා පෙන්වාදෙයි.

අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මෙසේ පැවසූයේ ජනපති නන්දසේන ගෝටාබය රාජපක්ෂගේ මුල් නමින් විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු විසින් ආමන්ත්‍රණය කිරීමෙන් පසු උරණ වූ ජනපතිවරයා මධ්‍ය ඉදිරියේ තම කෝපය තර්ජනාත්මකව පිට කිරිමෙන් දිනකට පසුව විම විශේෂ වේ.


No comments:

Post a Comment

Post Bottom Ad