ජනාධිපති කාර්යාලයේ තිබුණු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට ජනාධිපති ආවේ නැත්තේ ඇයි? - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, January 5, 2021

ජනාධිපති කාර්යාලයේ තිබුණු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට ජනාධිපති ආවේ නැත්තේ ඇයි?

ව වසරේ ආණ්ඩුවේ පළමු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පසුගිය සදුදා (04) සවස ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්විණ.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති කැබිනට් රැස්වීම නිමාවීමෙන් අනතුරුව මෙම මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පැවැත්වුණද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊට සහභාගී වී නොතිබිණ.

ජනාධිපතිවරයා කැබිනට් රැස්වීමෙන් අනතුරුව විශේෂ සාකච්ජාවකට සහභාගී වී සිටීම හේතුවෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ මූලාසනය දරා තිබිණ.

කෙසේවෙතත් ජනාධිපතිවරයා කැබිනට් රැස්වීමට සහභාගී වුවත් මෙම රැස්වීමට සහභාගී නොවීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් අතර කිසියම් කසුකුසුවක් සිදුව ඇති බවක්ද වාර්තා වේ.


No comments:

Post a Comment

Post Bottom Ad