අජිත් ප්‍රසන්න වසරකට පසු ඇප මත නිදහස් - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, January 13, 2021

අජිත් ප්‍රසන්න වසරකට පසු ඇප මත නිදහස්

පුරා වසරකට ආසන්න කාලයක් මහේස්ත්‍රාත් අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබ සිටි විශ්‍රාමික මේජර්, නීතීඥ අජිත් ප්‍රසන්න මහතා ඇප මත මුදා හැරීමට අභියාචානාධිකරණය අද නියෝග කර තිබෙනවා.
 
කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා ඔහු රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණේ 2019 වසරේ දෙසැම්බර් මස මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ළමුන් ඇතුළු 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගවන නඩුවක සාක්ෂිකරුවන්ට බලපෑම් වන ආකාරයේ ප්‍රකාශ කිරීමේ චෝදනාව මතයි.

දේවිකා අබේරත්න සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරිර ඇප 02 ක් මත සැකකරු මුදා හරින්නැයි, නියෝග කළේ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කළ රක්ෂිත බන්ධනාගාරගත කිරිමේ නියෝගයට එරෙහිව අජිත් ප්‍රසන්න මහතා ගොනු කර තිබු අභියාචනයක් සලකා බලමින්.

ඇප ලබාගැනීමෙන් අනතුරුව සෑම මසකම අවසන් ඉරිදා දිනයේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින්නැයි විනිසුරු මඩුල්ල ඔහුට කොන්දේසියක් ද පනවා තිබෙනවා..

මින් ඉදිරියට පැමිණිල්ලට හෝ පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ට කිසිදු බාධාවක් වන ආකාරයෙන් කටයුතු නොකරන බවට සැකකාර නීතිඥ අජිත් ප්‍රසන්න මහතා දිවුරුම් ප්‍රකාශයක් මගින් අධිකරණයට පොරොන්දුවක් ද ලබාදි තිබුණා.


No comments:

Post a Comment

Post Bottom Ad