යුක්‍රේනයෙන් බැරිනං අඟහරු ලෝකෙන් හරි සංචාරකයො ගේන්න ඕන - චාමර සම්පත් - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, January 8, 2021

යුක්‍රේනයෙන් බැරිනං අඟහරු ලෝකෙන් හරි සංචාරකයො ගේන්න ඕන - චාමර සම්පත්

මේ වනවිට ලෝකය පුරා සංචාරක ව්‍යාපාරය කඩාවැටී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පවසනවා. එසේ තිබියදී යුක්‍රේනයෙන් හෝ සංචාරකයන් පැමිණීම සම්බන්ධයෙන් සියලු දෙනාම සතුටු වියයුතු බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

ඔහු අද පාර්ලිමේන්තු විවාදයට සහභාගි වෙමින් සඳහන් කළේ යුක්‍රේනයෙන් බැරිනම් අඟහරු ලෝකයෙන් හෝ සංචාරකයන් ගෙන්වා කඩාවැටී ඇති මෙරට සංචාරක ව්‍යාපාරය යළි නගාසිටුවිය යුතු බවයි.

චාමර සම්පත් මහතා අලුත් ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් සඳහන් කළේ නව ව්‍යවස්ථාවෙන්, විධායක ජනාධිපති ධුරය සඳහා අවශ්‍ය සුදුසුකම් සංශෝධනය කළයුතු බවයි. ඒ අනුව ජනාධිපති ධුරය දරන පුද්ගලයා‍ අනිවාර්යෙන් බෞද්ධයෙකු හා විවාහකයෙකු වියයුතු බවත් එපමණක් නොව දරුවන් සිටිය යුතු බවත් ඔහු පෙන්වා දෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad