‘රේස් බයි රේස්’ තහනම් කරන යෝජනාව සම්මතයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, January 11, 2021

‘රේස් බයි රේස්’ තහනම් කරන යෝජනාව සම්මතයි

මොරටුව මහ නගර සභා බල ප්‍රදේශයේ පවත්වාගෙන යන ‘රේස් බයි රේස්’ ඔට්ටු ඇල්ලීමේ සූදු පොලවල් නතර කිරීමට මොරටුව මහ නගර සභා විසින් යෝජනාවක් සම්මත කරගෙන තිබේ.

ඒ අනුව 2021 වසරේ සිට එම ආයතන වලින් බදු අය කිරීම නතර කිරීමටද එම යෝජනාවේ සඳහන් විය.

නගර සභාවට එම යෝජනාව ගැන ඉදිරිපත් කර ඇත්තේ නගර සභාවේ නගරාධිපති සමන් ලාල්ල ප‍්‍රනාන්දු මහතා විසිනි.

මෙම යෝජනාවට විපක්ෂයේත්, ජනතා විමුක්ති පෙරමුණේත් සහාය හිමිවිය.


No comments:

Post a Comment

Post Bottom Ad