අනුරාධපුරයේ ඥාණා මෑණියන් වදින්න යන මැති ඇමති ලැයිස්තුව මෙන්න - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, January 9, 2021

අනුරාධපුරයේ ඥාණා මෑණියන් වදින්න යන මැති ඇමති ලැයිස්තුව මෙන්න

පිවිතුරු හෙල උරුමයේ නායක බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා විසින් පාර්ලිමේන්තුවේ දී සිදු කරනලද කතාව මෙහි දැක්වෙයි.

මිත්‍ර හරීන් ප්‍රනාන්දු මන්ත්‍රිතුමා මෙතන කතාවක් කරමින් ජනාධිපතිතුමා අනුරාධපුරයේ මෑණියන් බැහැ දකින්න යනවයි කියලා අපහාසයෙන් උපහාසයෙන් කතා කළා. ඉස්ලාම් බැතිමතුන්ගේ ගේ ආගමික විශ්වාසයන්ට ගරු කළ යුතුයි කියලා පාරේ උද්ඝෝෂණ කරන ගමන් තවත් විශ්වාසයන් පිළිබඳ අපහාස උපහාස කිරීමෙන් ලොව පැවැතිය යුත්තේ එක විශ්වාසයක් එක ඇදහීමක් පමණයි කියලා කියන තැනද ඔබ ඉන්නේ කියලා අපිට විපක්ෂයෙන් ප්‍රශ්න කරන්න වෙනවා.

ඇත්තෙන්ම මුලින්ම ගියේ ඝෝටාභය ජනාධිපතිතුමා නෙමෙයි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නෙවෙයි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා නෙමෙයි. එක්සත් ජාතික පක්ෂයේ හිටපු නායක ඩී බී විජේතුංග ජනාධිපතිතුමා. 1980 – 90දශකයේ අනුරාධපුරයේ මෑණියන්ගේ දේවාලේ පුටුවක සංසුන්ව වාඩි වෙලා තමන්ගේ වාරය එනතුරු බලාසිටින ඩී බී විජේතුංග ජනාධිපතිතුමා ඒ දේවාලෙට යන අයට ඉතාම සුලබ දසුනක් වුණා. එහෙම අනුරාධපුරේ මෑණියන්ගේ බැහැදකින්න ගියේ ඩී.බී විජේතුංග ජනාධිපතිතුමා පමණක් නොවෙයි. අද සමගි ජනබලවේගයේ ආදරණීය නායකයා මගේ පෞද්ගලික මිත්‍රයා සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ආදරණීය මෑණියන් අපිත් ආදරයෙන් ගෞරවයෙන් සිහිපත් කරන හේමා ප්‍රේමදාස මැතිනිය ගිහින් තියෙනවා. පී හැරිසන් මන්ත්‍රිතුමා, අකිල විරාජ් කාරියවසම් හිටපු මහ ලේකම් තුමා, තලතා අතුකෝරාල මන්ත්‍රීතුමිය, චන්ද්‍රා බණ්ඩාර මන්ත්‍රීතුමිය, කින්ස් නෙල්සන් මන්ත්‍රිතුමා ඒ වගේ එක්සත් ජාතික පක්ෂය සමගි ජනබලවේගය දිග ලයිස්තුවක් තියෙනවා.

හැබැයි ලස්සන වැඩේ ඊළඟ නම මම සිහිපත් කළොත් අපි හරීන් ප්‍රනාන්දු මන්ත්‍රිතුමා ලැජ්ජාවෙන් ඇඹරේවි. හරින් ප්‍රනාන්දු මන්ත්‍රිතුමාත් අනුරාධපුරයේ ගිහිල්ලා තියෙනවා මෑණියන් බැහැදකින්න. එහෙම ගිය කෙනා තමයි පාර්ලිමේන්තුවෙ මේ මෑණියන් ගැන අපහාසයෙන් උපහාසයෙන් කතා කරල තියෙන්නෙ . ඒ නිසාම මගේ මිත්‍ර හරීන් ප්‍රනාන්දු මන්ත්‍රිතුමාට කියනවා ඔවා දෙනු පරහට තමා සම්මතයෙහි පිහිටා සිට කියලා.

– media unit


No comments:

Post a Comment

Post Bottom Ad