ධම්මික බණ්ඩාර කොරෝනා ආසාදනය වී රෝහලේ..? - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, January 3, 2021

ධම්මික බණ්ඩාර කොරෝනා ආසාදනය වී රෝහලේ..?

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ප්‍රතිකාර මධ්‍යස්ථානයට යොමුකර ඇතැයි සමාජ ජාලවල වාර්තා පළ වෙයි.
නමුත් ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී එය සම්පූර්ණ අසත්‍ය බව ධම්මික බණ්ඩාර මහතා සඳහන් කළේ ය.

ඔහු පැවසුවේ තමන් මේ මොහොතේද තම නිවසේ සිටින බවත් තමන්ට කිසිදු ආකාරයකින් වෛරසය ආසාදනය වී හෝ ඒ සම්බන්ධයෙන් පරීක්ෂාවක් හෝ සිදු නොකළ බවත්ය.

ධම්මික බණ්ඩාර මහතා විසින් කොරෝනා වෛරසය පාලනය සඳහා නිෂ්පාදනය කරන ලද ඖෂධය මේ සතියේ සිට රජයේ රෝහලක සායනික පර්යේෂණයට යොමු කිරීමට නියමිතය.

එය සාර්ථක වුවහොත් කොරෝනා ආසාදිතයන්ට ප‍්‍රතිකාරයක් ලෙස ලබා දීමට කටයුතු කිරීමට නියමිතව තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad