වැඩසිටි කන්දේනාහිමි ඝාතනයට අවිගත් මැර හා චීවර පිරිසක් ඇවිත් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, January 25, 2021

වැඩසිටි කන්දේනාහිමි ඝාතනයට අවිගත් මැර හා චීවර පිරිසක් ඇවිත් !

මැර කණ්ඩායමක් ඊයේ (25) සවස වැඩසිටි කන්දට පැමිණ තමන් ඝාතනය කර වැඩසිටි කන්ද බලහත්කාරයෙන් අල්ලා ගැනීමට තැත්කළ බව වැඩසිටි කන්ද විහාරාධිපති ශාස්ත්‍රපති හීල්ලේ ඤාණානන්ද නාහිමියෝ මාධ්‍යට පවසා තිබේ. තමා මේ ගැන දුරකථනයෙන් පොලිසියට පැමිණිලි කළ පසු පොලිසියෙන් පැමිණි බවත් එම මැර පිරිස වාහනවලින් පලායෑමට උත්සාහ කරද්දී පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති බවද උන්වහන්සේ සඳහන් කළහ.

මේ සිද්ධිය වූයේ ඊයේ සවස 3.45 ට 4.00 ට පමණ බවද ඔවුන් සතුව අවි ආයුධ තිබූ බවද ඥානානන්ද හිමියෝ කියා සිටිති.

පන්සලේ සිටින ලියන මහතාට සහ ආරක්‍ෂාවට සිටි රාලහාමිට ද මේ මැර පිරිස පහර දී ඇති බව උන්වහන්සේ සඳහන් කළහ.

මේ අය උත්සාහ කළේ මැර බලයෙන් වැඩසිටි කන්ද බලහත්කාරයෙන් මේ අයගේ ග්‍රහණයට ගැනීමට බවද එම පිරිස සමග භික්ෂූන් වහන්සේලා පිරිසක් ද පැමිණි බව ද වැඩසිටි කන්ද විහාරාධිපති හීල්ලේ ඥානානන්ද නාහිමියෝ සඳහන් කර සිටිති.

මූලාශ්‍රය - දිවයින


No comments:

Post a Comment

Post Bottom Ad