කොරෝනා මුස්ලිම් මෘතදේහ ආදාහනය නවතනු - එක්සත් ජාතීන් ශ‍්‍රී ලංකාවට දැඩිව දැනුම් දේ ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, January 25, 2021

කොරෝනා මුස්ලිම් මෘතදේහ ආදාහනය නවතනු - එක්සත් ජාතීන් ශ‍්‍රී ලංකාවට දැඩිව දැනුම් දේ !

කොරෝනා ආසාදිත මෘතදේහ සියල්ලම ආදාහනය කිරීමේ ශ‍්‍රී ලංකා රජයේ තීරණය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සංවිධානය විසින් හෙළා දැක ඇත.

එය සුළු ජාතීන් ඉලක්ක කරගත් මානව හිමිකම් උල්ලංඝනයක් බව එම සංවිධානයේ විශේෂඥ මණ්ඩලයක් විසින් සඳහන් කරයි.

නිවේදනයක් නිකුත් කරන එම මණ්ඩලය සඳහන් කරන්නේ කොරෝනා ආසාදිත මියගිය පුද්ගලයන්ගේ සිරුරු බලහත්කාරයෙන් ආදාහනය නවතා දමන ලෙසයි.

ශ්‍රී ලංකා රජටේ මෙම තීරණය හේතුවෙන් මුස්ලිම්වරුන් සහ වෙනත් සුළු ආගමිකයන්ගේ ඇදහීම් වලට බාධා වන බවත් ඒ හේතුවෙන් ප්‍රචණ්ඩතා තවත් ඉහළ යා හැකි බවත් ඔවුන් අනතුරු අඟවා ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad