ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ෂෙහාන් ජයසූරිය ශ්‍රී ලංකාව හැර යාමට තීරණය කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, January 8, 2021

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ෂෙහාන් ජයසූරිය ශ්‍රී ලංකාව හැර යාමට තීරණය කරයි

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයෙකු වූ ෂෙහාන් ජයසූරිය තවදුරටත් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය නොකරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. එම ආයතනය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දුන්නේ, ෂෙහාන් ජයසූරිය ඇමෙරිකාවේ පදිංචි වීමට තීරණය කර ඇති හෙයින් මෙම තීරණයට එළඹ ඇතැයි දන්වා ඇති බවය.

ඔහු සිය පවුලේ සාමාජිකයින් සමග ඇමෙරිකාවේ පදිංචියට යාමට නියමිතය.

මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ, ඇමෙරිකානු පුරවැසිභාවය හිමි ඔහුගේ බිරිඳ සමග එරට පදිංචියට ගොස් ඇමෙරිකානු ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට ඔහු අපේක්ෂා කරන බවය.

තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කළ ෂෙහාන් ජයසූරිය එක්දින තරග 12කට සහභාගි වී ලකුණු 195ක් රැස් කර තිබේ.

පන්දු වාර 20 තරග 18කදී ඔහු රැස් කර ඇති ලකුණු සංඛ්‍යාව 241කි.


No comments:

Post a Comment

Post Bottom Ad