ධම්මික පැණිය අන්තිම කඩඉමේ.. අනුරපුර රෝහලෙන් රෝගීන්ට දීම ඇරඹේ… අවසන් පරීක්‍ෂාව සමත් වුවහොත් රටටම - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, January 6, 2021

ධම්මික පැණිය අන්තිම කඩඉමේ.. අනුරපුර රෝහලෙන් රෝගීන්ට දීම ඇරඹේ… අවසන් පරීක්‍ෂාව සමත් වුවහොත් රටටම

කොරෝනා වයිරසය සඳහා කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් හඳුන්වා දී ඇති ඖෂධය කොරෝනා ආසාදිතයන්ට සායනික පරීක්‍ෂාව සදහා ලබාදීමට අනුමැතිය ලබා දී ඇත.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා පැවසුවේ තමන් ඒ සඳහා අවසර ලබා දුන් බවයි.

එම ඖෂධය සායික පරීක්‍ෂාවෙ සදහා ආයුර්වේද ආචාරධර්ම කමිටුවේ අනුමැතිය ලැබීමෙන් පසු මෙම අනුමැතිය ලබා දී ඇත.

අනුරාධපුර රෝහලේ ප‍්‍රතිකාර ලබනා කොරෝනා ආසාදිතයන්ට මෙම ඖෂධය ලබා දීමට නියමිතව ඇත.

මෙම පරීක්‍ෂාවෙන් සමත් වුවහොත් එම ඖෂධය කොරෝනා රෝගීන්ට ඖෂධයක් ලෙස ලබා දීමට හැකියාව ලැබේ.


No comments:

Post a Comment

Post Bottom Ad