වරාය නගරයට ඩුබායි නීතිය - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, January 6, 2021

වරාය නගරයට ඩුබායි නීතිය

ක රටක් එක නීතියක් ක්‍රියාත්මක කරන බවට පොරොන්දු දෙමින් බලයට පැමිණි වර්තමාන ආණ්ඩුව මෙරට නීතියට වග නොකියන වෙනම නීති පද්ධතියක් කොළඹ වරාය නගරයට හඳුන්වාදීමට සූදානම් වේ.

පසුගිය 04 වනදා රැස්වූ කැබිනට් මණ්ඩලය වරාය නගරය සඳහා වෙනම නීතියක් හඳුනාව දීමට කැබිනට් අනුමැතිය ලබාදී ඇත. මීට සම්බන්ධ කැබිනට් සංදේශය ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබේ. යෝජිත නීතිය පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුවේ කෙටුම්පත් කිරීම සඳහා උපදෙස් ලබාදී ඇති බව නිල කැබිනට් නිවේදනයේ සඳහන් වේ.

“රජය අපේක්ෂා කරනු ලබන ව්‍යූහයට ගැලපෙන පරිදි කොළඹ වරාය කොමිෂන් සභා නීතිය කෙටුම්පත් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිනිස අතිගරු ජනාධිපති තුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී” යනුවෙන් එම නිවේදනයේ සඳහන් වේ.

ඩුබායි, සිංගප්පූරුව, හොංකොං යන වාණිජ ආර්ථිකයක් මූලික කරගත් රාජ්‍යවලට සමාන නීතියක් වරාය නගරයේ ආයෝජකයන්ට ලබාදීමට මේ මගින් ජනාධිපතිවරයා යෝජනා කර තිබේ. මෙරටට නිදහස් වෙළඳ කළාප හඳුන්වාදීමේදී කම්කරු නීති ඇතුළු නීති ගණනාවක් වෙළඳ කළාපයට බල නොපාන ලෙස හඳුන්වාදෙනු ලැබීය. එල්ල වූ වෘත්තීය සමිති සහ මහජන විරෝධය හමුවේ එම නීති බොහෝමයක් පසුව හකුලාගනු ලැබීය.

පසුගිය මහින්ද රාජපක්ෂ පාලනය යටතේ කොළඹ කොටුව ආශ්‍රිතව කැසිනෝ කලාපයක් පිහිටුවීමට යෝජනා කර ඒ වෙනුවෙන් වෙනම නීති පද්ධතියක් හඳුන්වාදීමට සූදානම් වූ අවස්ථාවේදී එයට එරෙහිව විශාල විරෝධයක් පැන නැගිණි. මේ වනවිට එවැනි කලාපයක් කොළඹ වරාය නගරයේ පිහිටුවීමට ආණ්ඩුව සූදානම් වේ. ඒ වෙනුවෙන් ඩුබායි, සිංගප්පූරුව, හොංකොං රටවලට සමාන අවස්ථා ලබාදීම යනුවෙන් අදහස් වන්නේ ජාත්‍යන්තර සියලුම ආකාරයේ ජාවාරම්කරුවන්ට සුදුසුවන මධ්‍යස්ථානයක් බවට ලංකාව පත්කිරීමේ ආණ්ඩුවේ සැලසුමය.

-lankatruth


No comments:

Post a Comment

Post Bottom Ad