පාර්ලිමේන්තුවට කොරෝනා ගෙනාවේ හකීම්ද ? පාර්ලිමේන්තුවේදී මාස්ක් දාල නෑ CCTV දර්ශනවලින් මාට්ටු | Rauff Hakeem - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, January 11, 2021

පාර්ලිමේන්තුවට කොරෝනා ගෙනාවේ හකීම්ද ? පාර්ලිමේන්තුවේදී මාස්ක් දාල නෑ CCTV දර්ශනවලින් මාට්ටු | Rauff Hakeem


කොවිඞ් 19 වෛරසය ආසාදනය වුණ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ශී‍්‍ර ලංකා මුස්ලිම් කොංග‍්‍රස් නායක රවුෆ් හකීම් මහතා බොහෝ අවස්ථාවලදී මාස්ක් එකක් පැළඳ නොසිට ඇති බව පාර්ලිමේන්තුවේ සීසීටීවී දර්ශනවලින් සනාථ වී ඇත.
රවුෆ් හකීම් මහතාට කොවිඞ් 19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වූ පසුව පාර්ලිමේන්තුවේ ඔහුගේ ආශි‍්‍රතයන් සොයා බැලීම සඳහා සිදු කළ සීසීටීවී පරීක්‍ෂණවලින් මේ බව තහවුරු වී ඇත.

බොහෝ අවස්ථාවල පාර්ලිමේන්තු සංකීර්ණය තුළදීත් ඇතැම් විට පාර්ලිමේන්තු සභා ගර්භය තුළත් රවුෆ් හකීම් මන්තී‍්‍රවරයා මුව ආවරණයක් නොපැළඳ කටයුතු කරන අයුරු සීසීටීවී දර්ශනවලින් දැක ගැනීමට හැකි වී ඇත.

තමාට කොවිඞ් 19 වෛරසය ආසාදනය වී ඇති බවත් තමාගේ ආශි‍්‍රතයන් ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙසත් රවුෆ් හකීම් මහතා පසුගියදා සිය ට්විටර් ගිණුම මගින් ප‍්‍රකාශ කර තිබිණි.

2021 වසරේ පාර්ලිමේන්තුව ආරම්භ වූ පසුගිය 05 වැනිදා හකීම් මහතා පාර්ලිමේන්තුවට පැමිණ එම කටයුතුවල නිරතව තිබිණි.

No comments:

Post a Comment

Post Bottom Ad