අපි ගෝඨාභයට කියන්නේ තවදුරටත් චන්ඩි දේශපාලන මේ රටේ වලංගු නෑ - අනුර කුමාර - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, January 10, 2021

අපි ගෝඨාභයට කියන්නේ තවදුරටත් චන්ඩි දේශපාලන මේ රටේ වලංගු නෑ - අනුර කුමාර - (video)

වංක පුද්ගලයෙකුට තිබිය හැක්කේ එක් චරිතයක් පමණක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සම්බන්ධයෙන් කළ ප්‍රකාශය පිළිබඳව සිය ඊයේ (10) අදහස් දැක්වීම සිදු කරමින් ඒ මහතා ප්‍රකාශ කර සිටියේ අහිංසකගේ මෙන්ම අංගුලිමාලගේ චරිතයටද වුවාද පණ පෙවීමට හැකියැයි යන ඉඟිය ඒ හරහා ලබා දුන් බවයි.

“ජනවරමට අනුව ඔහු කිපෙන්න තිබ්බා සීනි මිල රු 50කින් අඩුවට සීනි දෙන්න තිබ්බ එක ගැන, ගැසට් එක ගැහුවට පස්සේ ගැසට් එකට අනුව හාල් වික්කෙ නැත්තන් ඔහු කිපෙන්න තිබ්බා. වැඩි මිලකට පීසීආර් කට්ටල ගෙන ඒම සම්බන්ධව ඔහු කිපෙන්න තිබ්බා. සංචාරකයන් ලංකාවට ගෙන ඒමේ මේ පිස්සුව දිහා බැලුවම ඔහු කිපෙන්න තිබ්බා. ඔහු කිපුනේ සම්පූර්ණ නම කිව්වම” යැයි ඒ මහතා පවසනවා.

තව දුරටත් චණ්ඩිකම මත පදනම් වූ, ජනතාවට තර්ජනය කරන සහ බියවද්දන දේශපාලනය මෙරට තුල වලංගු නොමැති බව ගෝඨාභය මහතාට සිහිපත් කරන බවද ඒ මහතා ප්‍රකාශ කර සිටියා.


No comments:

Post a Comment

Post Bottom Ad