රාජසභා මණ්ඩපය බිමට සමතලා කළ කුරුණෑගල නගරාධිපති තවත් විනාසයක් කරයි (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, January 2, 2021

රාජසභා මණ්ඩපය බිමට සමතලා කළ කුරුණෑගල නගරාධිපති තවත් විනාසයක් කරයි (VIDEO)

කුරූණෑගල නගර මධ්‍යයේ ඇති ඉපැරණි රජ පීල්ල උද්‍යානයේ වසර සිය ගණනක් පැරණි රජ පීල්ල උද්‍යානයේ ඇති විශාල ගස් කපා බිම දමා තිබේ.
කුරුණෑගල නගරයට පැමිණෙන බොහෝ දෙනෙකු විඩාව නිවා ගන්නට යන ස්ථාන අතර කුරුණෑගල නගර මැද තියෙන රජ පීල්ල උද්‍යානය ප්‍රධාන තැනක් ගනී.

මෙම ඉපැරණි රජ පීල්ල උද්‍යානය අදියර 2ක් යටතේ සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇති අතර එහි පළමු අදියර වන , උද්‍යානයේ ඇති ගස් ඉවත් කිරීම පෞද්ගලික ආයතනයකට භාර දී තිබේ.

රජ පීල්ල උද්‍යානයේ ඇති ගස් 28 ක් ඉවත් කිරීමට පමණක් සලකුණු කර තිබුණ ද මේ වන විට ගස් 32 කට ආසන්න ප්‍රමාණයක් කපා උගුල්ලා අවසන් ය.

මේ අතර උද්‍යානයේ තිබූ වසර සිය ගණනක් පැරණි පෞරාණික මණ්ඩපයක් ද මුළුමනින්ම කඩා දමා තිබේ.

මේ සම්බන්ධයෙන් කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපති තුෂාර සංජීව මහතාගෙන් විමසු විට ඔහු පැවසුවේ හෙට දිනයේ මාධ්‍ය හමුවක් කැඳවා මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන බවය.



No comments:

Post a Comment

Post Bottom Ad