VIP ආරක්ෂාවට පොලිසිය වෙනුවට ඇමතිගෙන් ග්‍රාම ආරක්ෂකයෝ - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, January 3, 2021

VIP ආරක්ෂාවට පොලිසිය වෙනුවට ඇමතිගෙන් ග්‍රාම ආරක්ෂකයෝ

 
විනිශ්චයකාරවරුන්, මැති ඇමැතිවරුන් හා හිටපු ඇමැතිවරුන්ගේ ආරක්ෂාවට පමණක් යොදවා සිටින පොලිසියේ හතළිස් හතරදහසක් යළි පොලිස් සේවයට ගැනීමේ ක්‍රමවේදයක් පිළිබඳව අධ්‍යයනය කරමින් සිටින බව මහජන ආරක්ෂක ඇමැති විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා සතිඅන්ත පුවත්පතකට පවසා තිබේ.

පොලිස් දෙපාර්තමේන්තුව සතු අසූදහසක පිරිසෙන් සාමාන්‍ය සේවයේ යොදවා සිටින්නේ තිස්හයදහසක් පමණ බවද අමාත්‍යවරයා කියා සිටී.

මෙම තත්ත්වය මත පොලිසිවල රාජකාරි මෙන්ම රථ වාහන රාජකාරි කරගෙන යෑම පවා අසීරු වී ඇතැයි ද ඔහු අවධාරණය කරයි.

මෙසේ වෙනත් සේවාවලට යෙදවූ පිරිස් යළි පොලිස් සේවයට කැඳවා ඒ වෙනුවට සිවිල් ආරක්ෂක බළකායේ පුහුණුව ලත් කණ්ඩායම් එම ස්ථානවලට යෙදවීමට සාකච්ඡා කරගෙන යන බව මහජන ආරක්ෂක ඇමැතිවරයා මාධ්‍යට හෙළිකර තිබේ.

සරත් වීරසේකර මහතා යුද්ධය පැවැති සමයේ දී සිවිල් ආරක්ෂක සේවාවේ ප්‍රධානියා ලෙස ද කටයුතු කරණු ලැබිණි.

No comments:

Post a Comment

Post Bottom Ad