අසාද් සාලි මාස 03ක් ඇතුලේ.. අත්අඩංගුවට ගෙන ඇත්තේ පාස්කු ප‍්‍රහාරයට - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, March 17, 2021

අසාද් සාලි මාස 03ක් ඇතුලේ.. අත්අඩංගුවට ගෙන ඇත්තේ පාස්කු ප‍්‍රහාරයට

ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා අත්අඩංගුවට ගෙන ඇත්තේ පාස්කු ඉරිදා මෙරටට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා සඳහන් කරයි. ඒ අනුව විමර්ශන කටයුතු ඉදිරියට ගෙනයන බවත් එමෙන්ම මාවනැල්ලේ බුදු පිළිමවලට හානි කිරීම ඇතුළු සිදුවීම් වලට අසාත් සාලි සෘජු හා වක්‍ර සම්බන්ධව බව හෙළි වී ඇතැයි ද ඔහු පැවසීය.

ෂරියා නීතිය සම්බන්ධයෙන් පසුගියදා සිදු කරන ප්‍රකාශයද මෙම අත්අඩංගුවට ගැනීමට හේතුවක් වන්නට ඇතැයි ඇමැතිවරයා සඳහන් කළේය.

නීතිපති උපදෙස් අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවත් ඔහු මේ වන විට රහස් පොලිසිය විසින් ප්‍රශ්න කරමින් සිටින බවත් ඇමැතිවරයා පවසයි.

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කරන්නේ අත්අඩංගුවට ගන්නා ලද හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා මාස 3ක රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරන බවයි.

මෙම නියෝග ලබාගෙන ඇත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ බවද ඔහු සඳහන් කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad