අත අතහැර පොහොට්ටුවට කඩේ ගිය මන්ත්‍රීවරුන් 22ක් පන්නන්න යයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, March 18, 2021

අත අතහැර පොහොට්ටුවට කඩේ ගිය මන්ත්‍රීවරුන් 22ක් පන්නන්න යයි

කළුතර දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු හා මන්ත්‍රීවරියන් 22 දෙනෙකුට එරෙහිව විනය විරෝධී කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා විසින් චෝදනා පත්‍ර ලබා දී ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කළුතර ආසන සංවිධායක සහ ශ්‍රි.ල.නි.ප. මධ්‍යම කාරක සභික සුමිත් ලාල් මැන්ඩිස් මහතා පවසයි.

පසුගිය මහ මැතිවරණයේදී පක්ෂයේ තීරණවලට පටහැනිව විනය විරෝධී ලෙස කටයුතු කිරීම හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අත ලකුණ යටතේ තරඟකල අපේක්ෂකයන් සහ සංවිධායකවරුන් සමග සහයෝගයෙන් කටයුතු නොකිරීම සම්බන්ධව මෙම ප්‍රාදේශීය සභා සභික සභිකාවන්ට විරුද්ධව චෝදනා එල්ල වී ඇති බව ද සුමිත් ලාල් මෙන්දිස් මහතා පෙන්වා දෙයි.

දින හතක් තුළ නිදහසට කරුණු ඉදිරිපත් කරන ලෙස මෙම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට හා මන්ත්‍රීවරියන්ට පක්ෂයේ මහ ලේකම් විසින් දැනුම් දී ඇති බවද සුමිත් ලල් මෙන්දිස් මහතා සඳහන් කළේය.

පානදුරේ නමයක්, බේරුවලින් පහක්, කළුතරින් හතරක්, බණ්ඩාරගම දෙකක්, මිල්ලනිය එකක් හා බුලත්සිංහල එකක් වශයෙන් මෙසේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් මන්ත්‍රීවරියන් 22කට චෝදනා පත්‍ර ලබා දී ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad