අනුර දිසානායකගෙන් පොලිස් ප‍්‍රශ්ණ කිරීම් සූදානම්.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, March 18, 2021

අනුර දිසානායකගෙන් පොලිස් ප‍්‍රශ්ණ කිරීම් සූදානම්..

පාස්කු බෝම්බ ප‍්‍රහාරය සම්බන්ධයෙන් මේ වන විට රක්‍ෂිත බන්ධනාගාරගතව සිටික කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රාහීම් ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු අපේක්‍ෂකයෙකු ලෙස නම් කිරීම ගැන පක්‍ෂ නායක අනුර කුමාර දිසානායක මහතාගෙන් ප‍්‍රශ්න කිරීමට නියමිත බව මහජන ආරක්‍ෂක ඇමති සරත් වීරසේකර මහතා පවසයි.

මෙම ව්‍යාපාරිකයාගේ පුතුන් දෙදෙනා වන මොහොමඩ් ඉල්හාම් හා මොහොමඩ් ඉන්සාෆ් යන ව්‍යාපාරිකයන් දෙදෙනාද පාස්කු ඉරිදා දිනයේ බෝම්බ පුපුරුවාගෙන මිය ගියේය.

අදාල ප‍්‍රහාර මාලාව සදහා ඔවුන් දෙදෙනා විසින් රුපියල් කෝටි තුනකට වැඩි මුදලක් විදයම් කල බවට තොරතුරු හෙළි වී ඇතැයිද ඇමතිවරයා කීය.

කොළඹ පැවති උත්සව අවස්ථාවකින් පසු මාධ්‍ය වෙත ඔහු මේ බව කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad