කුප්පියාවත්ත කොරෝනා දේහ භූමදානයට සුදුසුයි… ජල මට්ටම පහළයි… ආණ්ඩුව බොරුවට කල් මරනවා – මරික්කාර් - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, March 1, 2021

කුප්පියාවත්ත කොරෝනා දේහ භූමදානයට සුදුසුයි… ජල මට්ටම පහළයි… ආණ්ඩුව බොරුවට කල් මරනවා – මරික්කාර්

දෙමටගොඩ කුප්පියාවත්ත සුසාන භූමිය කොරෝනා මෘත දේහ භූමිදානය සඳහා සුදුසු බව පේරාදෙණිය විශ්ව විද්‍යාලය විසින් නිර්දේශ කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් සඳහන් කරයි. එම ප්‍රදේශයේ භූගත ජල මට්ටම මීටර දෙකහමාරකට වැඩි පහළින් ඇතැයිද නිර්දේශයවල ඇතැයි ද මන්ත්‍රීවරයා පැවසීය.

මරදාන පල්ලිය විසින්ද කොරෝනා මෘතදේහ භූමදාන සඳහා ස්ථානයක් ලබා දීමට සූදානම් බව දන්වා ඇතැයි මන්ත්‍රීවරයා කියා සිටියේය.

එසේ තිබිය දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෘතදේහ භූමදානයට තවත් කල් මරමින් සිටින බවට ඔහු චෝදනා කරයි. විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කළේ ය.



No comments:

Post a Comment

Post Bottom Ad