චමින්ද වාස්ට $200ක් ගෙවන්න බෑ කිවුවත් ටොම් මූඩිට මාසෙට $30,000යි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, March 1, 2021

චමින්ද වාස්ට $200ක් ගෙවන්න බෑ කිවුවත් ටොම් මූඩිට මාසෙට $30,000යි


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අධ්‍යක්ෂවරයකු ලෙස ඕස්ට්‍රේලියානු ජාතික ටොම් මූඩි ගෙන්වන්නේ මාසයකට ඩොලර් 30,000 කට බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා සඳහන් කරයි.
ඔහුගේ කොන්ත‍්‍රාත් කාලය වසර තුනක් බවද මන්ත්‍රීවරයා පැවසීය.

ශ්‍රී ලංකාවේ වේගපන්දු පුහුණුකරු ලෙස චමින්ද වාස් වෙනුවෙන් ඩොලර් 200 ක් ගෙවීමට මුදල් නැතැයි ක්‍රිකට් ආයතනය පැවසූ බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

No comments:

Post a Comment

Post Bottom Ad