අපට වෙනම භූමියක් ලැබුණා. ඒ භූමියට එක රුපියලක් අපි වියදම් කරලා නෑ - ඇමති රෝහිත - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, March 31, 2021

අපට වෙනම භූමියක් ලැබුණා. ඒ භූමියට එක රුපියලක් අපි වියදම් කරලා නෑ - ඇමති රෝහිත

කොළඹ වරාය නගරය යනු ශ්‍රී ලංකාවට අලුතින් ලැබුණු භූමියක් බවත් එම භූමිය ලබාගැනීමට ශ්‍රී ලංකාව එක රුපියලක් හෝ වියදම් කර නොමැති බවත් වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

"අපට වෙනම භූමියක් ලැබුණා. ඒ භූමියට එක රුපියලක් අපි වියදම් කරලා නෑ. විදේශීය ඩොලරයක්වත් වියදම් නොකර තමයි අපට මේ වත්කම ලැබෙන්නෙ. මේක වැලිගොඩක් ගහලා භූමිය පුරවලා වැඩක් නෑ ගොඩනැගිලි ඉදිවෙන්න ඕනෙ. මේක සම්පූර්ණම සංචාරක පුරවරයක් බවට පරිවර්තනය වෙන්න ඕනෙ. මේකට නොයෙකුත් ආයෝජකයො එන්න ඕනෙ. එතකොට තමයි රටේ රැකියා අවස්ථා බිහිවෙන්නෙ. රට ආර්ථික වශයෙන් ගොඩනැගෙන්නෙ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

ඇමති රෝහිත අබේගුණවර්ධන මහතා මේ බව පැවසුවේ කොළඹ වරාය නගරයට අදාළ නව නීති කෙටුම්පත සම්බන්ධයෙන් ඊයේ (31) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. 


No comments:

Post a Comment

Post Bottom Ad