බැදුම්කර චෝදනා එල්ලවූ හිටපු ඇමති රවී ඇතුළු හත් දෙනාට ඇප ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, March 31, 2021

බැදුම්කර චෝදනා එල්ලවූ හිටපු ඇමති රවී ඇතුළු හත් දෙනාට ඇප !

2016 වසරේ මාර්තු මස 31 වනදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ බැඳුම්කර වෙන්දේසියේදී රුපියල් බිලියන 15 ක් වටිනා බැඳුම්කර සම්බන්ධයෙන් සාපරාධී සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් හත්දෙනෙකු ඇප මත මුදා හරින ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් නියෝග කර තිබේ. 

ඒ අනුව එක් එක් විත්තිකරු රුපියල් ලක්ෂ 10 බැගින්වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි  නියෝග කර ඇත්තේ.  විත්තිකරුවන්ගේ විදේශ ගමන් ද තහනම් කර තිබේ. 

එම නියෝගය ආගමන විගමන පාලකවරයා ඇතුළු ගුවන්තොටුපල බලධාරීන් වෙත දැනුම් දීමට පියවර ගන්නා ලෙසද විනිසුරු මඩුල්ල නියෝග කළේය. 

අමල් රණරාජා, නාමල් බලල්ලේ සහ ආදිත්‍ය පටබැඳිගේ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල  හමුවෙයි අද නඩුව කැඳවා තිබුණේ.

නඩුව යළි අප්‍රේල්  මස 29 වනදා කැඳවීමට ද නියමිතයි. ඇප තීන්දුව ප්‍රකාශ කරමින් විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා සඳහන් කර තිබුණේ විත්තිකරුවන්ට එරෙහිව පවතින නඩුකරය ඉතා සංකීර්ණ නඩු කටයුත්තක් වන අතර ඒ අනුව විත්තිකරුවන්ට සාධාරණ නඩු විභාගයක් ලබා ගැනීමට තිබෙන අයිතිය සුවිශේෂී කරුණක් සේ සලකා ඔවුන් ඇප මත මුදාහැරීමට තීන්දු කරන බවයි. 


No comments:

Post a Comment

Post Bottom Ad