මුස්ලිම් මෘතදේහ භූමදානයට ගෙන යද්දී රිදවන්නේ නැතිව ගෙන යන්න ඕනෑ - ඉමිතියාස් බකීර් - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, March 3, 2021

මුස්ලිම් මෘතදේහ භූමදානයට ගෙන යද්දී රිදවන්නේ නැතිව ගෙන යන්න ඕනෑ - ඉමිතියාස් බකීර්

කොරෝනා නිසා මිය යන මුස්ලිම් ජාතිකයන් ගේ මෘත දේහයන් වසරක් තිස්සේම ආදාහනය කිරීම දරා ගැනීමට නොහැකි තත්ත්වයක් බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බකීර් මාකර් මහතා පවසයි.

ඉස්ලාම් ආගම අනුව එම ආගමිකයන්ගේ මෘතදේහය පැය විසි හතරක් තුළ භූමදානය කළ යුතු බවද ඔහු පෙන්වා දෙයි.

ඒ සදහා දේහය ගෙන යන විටදී පවා රිදවීමක් නොකර ගෙනයා යුතු බවත් තම ආගමික විශ්වාසය එසේ බවත් ඔහු සඳහන් කළේය.

මුස්ලිම් ජනතාවට වසරක් තුල කොතරම් අසහනයක් තිබුණේ දැයි ඔහු ප්‍රශ්න කරයි.

පකිස්ථාන අගමැතිවරයා මෙරටද පැමිණි පසුව එම මරණ භූමදානය කිරීමට අවසර ලබා දුන්නද ආණ්ඩුව නැවතත් විවිධ හේතුවන් පවසමින් එම තීන්දුව පසුපසට දමමින් සිටින බව ද ඔහු කියා සිටියේය.

විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.


No comments:

Post a Comment

Post Bottom Ad