කොරෝනා මෘතදේහ වලලන්න රට පුරා සියළු පලාත්වල ස්ථාන සූදානම් කරන්නැයි දිස්ත‍්‍රික් ලේකම්වරුනට දැනුම් දේ ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, March 8, 2021

කොරෝනා මෘතදේහ වලලන්න රට පුරා සියළු පලාත්වල ස්ථාන සූදානම් කරන්නැයි දිස්ත‍්‍රික් ලේකම්වරුනට දැනුම් දේ !

කොරෝනා මෘත දේහ ඉරණතිවු දූපතේ භූමදානය කිරීමට තීරණය කරන ලද්දේ මූලික පියවරක් ලෙස පමණක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

මේ වන විට එම මෘත දේහයන් මඩකලපුව ඔට්ටමාවඩි ප්‍රදේශයේ භූමදානය කරමින් ඇතැයිද ඔහු පැවසීය.

මීට අමතරව සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට ඒ ඒ පළාත්වල කොරෝනා මෘතදේහයන් භූමදානය කිරීමට සුදුසු ස්ථාන සොයා දැනුම් දෙන ලෙස දැන්වූ බව ද ඔහු පැවසීය.

ඒ අනුව ඉදිරියේදී එම පළාත්වල මෘත දේහයන් එම හඳුනාගත් ස්ථානයන්හි භූමදානය කිරීමට හැකියාව ඇතැයි ද ඔහු කියා සිටියේය.

මේ අතර මෙතෙක් භූමදානය නොකර ශීතාගාර තුළ රඳවා තිබූ මෘත දේහ සියල්ල අද සහ හෙට දෙදින ඇතුළත භූමදාන කටයුතු සිදු කර අවසන් කරන බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.


No comments:

Post a Comment

Post Bottom Ad