ඉදිරියේ දී කොළඹ නගරවාසීන්ට ඔක්සිජන් හිඟ වීමේ ගැටළුවකට මුහුණ දීමේ අවධානමක් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, March 4, 2021

ඉදිරියේ දී කොළඹ නගරවාසීන්ට ඔක්සිජන් හිඟ වීමේ ගැටළුවකට මුහුණ දීමේ අවධානමක් !

කොළඹ නගරයේ වායුගෝලයේ ඔක්සිජන් ප්‍රතිශතය ජනගහනයට අනුපාතිකව ක්‍රමක් ක්‍රමයෙන් පහළ යමින් පවතින බව සිදු කරන ලද විද්‍යාත්මක සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා. එසේ වුවද එම ගැටළුව තවමත් මිනිසුන්ට ගැටළුවක් වශයෙන් නොදැනෙන්නේ කොළඹ නගරය මුහුදට සමීපව පිහිටීම නිසා සාගරයේ ප්ලවාංග මගින් නිකුත් කරන ඔක්සිජන් ගොඩබිමට ඉක්මනින් ලගා වීම නිසා කොළඹ මහනගර සභාවේ නිලධාරින් පෙන්වා දෙන්නේ.

එහෙත් ඉදිරි කාලය තුළ කොළඹ නගරයේ වාසය කරන ජනතාවට ඔක්සිජන් හිඟවීමේ ගැටළුවට පවා මුහුණ දීමට සිදුවන බව ඊයේ දින පරිසර අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවක දී අනාවරණය වුයේ. 

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර හා කොළඹ නගාරාධිපතිනි රෝසි සේනානායක, පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ඇතුළු  නිලධාරින්ගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවක දී මෙම කරුණු හෙළීදරව් කරනු ලැබුවා.

කොළඹ නගරයේ ඔක්සිජන් ප්‍රතිශතය ඉහළ නැංවීම සඳහා කොළඹ නගරයට ගැළපෙන රුක් රෝපණය කිරීමේ අරමුණින් කොළඹ මහ නගර සභාව විසින් ආරම්භ කර තිබෙන කොළඹට ගසක් ඉතුරු කර ගනිමු වැඩ පිළීවෙළ හා පරිසර අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කර තිබෙන හුස්ම දෙන තුරු රුක් රෝපණ වැඩසටහන ඒකාබද්ධව කොළඹ නගරයේ ඉඩකඩ පවතින සෑම ස්ථානයකම රුක් රෝපණය කිරීමේ වැඩ පිළීවෙළක් ආරම්භ කිරීමට තීරණය කරනු ලැබුණා.
 
මෙහිදී  කොළඹ නගරාධීපතිනි රෝසි සේනානායක විසින් කොළඹ මහ නගර සභාව සකස් කර තිබෙන කොළඹට ගසක් ඉතුරු කර ගනිමු වැඩ පිළීවෙළ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර හා ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ හට බාර දෙනු ලැබුවා. 

එමෙන්ම කොළඹ නගරයේ ඔක්සිජන් ප්‍රතිශතය දිනපතා මැනීමේ වැඩ සටහනක් ආරම්භ කරන බවත්, එමෙන්ම කොළඹ නගර සභා බල ප්‍රදේශය තුළ පරිසර සංරක්ෂණය සඳහා අවශ්‍ය විශේෂඥ හා තාක්ෂණික සහය ලබා දෙන ලෙස නාගරාධිපතිනි රෝසි සේනානනායක මෙහිදී ඉල්ලීමක් සිදුකරනු ලැබුවා. 

මෙහිදී අදහස් පළ කළ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර කොළඹ නගරය තුළ පවතින ශබ්ද දූෂණය, වායු දුෂණය  ඇතුලු සමස්ත පරිසර දූෂණය වැළැක්වීම සඳහා පරිසර අමාත්‍යාංශය වශයෙන් දිය හැකි සියලු සහයෝගය ලබා දෙන බව පැවසුවා.


No comments:

Post a Comment

Post Bottom Ad