ජනපතිගේ වියත් කමිටුවේ සභාපතිවරුන්ට ඇමතිවරුන්ගේ විරෝධය - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, March 7, 2021

ජනපතිගේ වියත් කමිටුවේ සභාපතිවරුන්ට ඇමතිවරුන්ගේ විරෝධය

 
ගෝටාබය රාජපක්ෂ මහතා ජනාධිපති වූ පසු රාජ්‍ය සංස්ථා, මණ්ඩල සහ අධිකාරි වලට සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන් පත් කිරීමට විද්වතුන් හය දෙනෙක් ගෙන් සමන්විත කමිටුවක් පත් කරන ලදී. එසේ පත්කරන ලද සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන් සමඟ තමන්ට වැඩ කළ නොහැකි බව ඇමතිවරුන් විසින් ජනාධිපතිවරයාට දැනුම් දී ඇත. මේ අය කිසිදු සුදුසුකමක් හෝ පරිචයක් නොමැති අය බව ඇමතිවරු වැඩිදුරටත් සඳහන් කරති.

මේ අතර සිටි එක් සභාපතිවරයෙක් පවසා ඇත්තේ ජනතාවගේ දහඩිය ගඳ නිසා තමන්ට මහජන දිනය කළ නොහැකි බවයි. 2019 නොවැම්බර් ජනාධිපතිවරණයෙන් පසු පත්කල එම කමිටුවට අයත් වූයේ හිටපු කැබිනට් ලේකම් සුමිත් අබේසිංහ, ජෝන් කීල්ස් අධිපති සුසන්ත රත්නායක, ව්‍යාපාරික ඩයන් ගෝමස්, විනිමය කොමිසමේ සභාපති නාලක ගොඩහේවා, කථිකාචාර්ය ජගත් වැල්ලවත්ත සහ විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන යන අයයි.

No comments:

Post a Comment

Post Bottom Ad