ගල්කිස්ස පොලිසියේ පහරදීමකින් පුද්ගලයෙක් මරුට. ඔළුව පළලා තිබුණා, උලකින් ඇණලා තිබුණා - බිරිඳ කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, March 31, 2021

ගල්කිස්ස පොලිසියේ පහරදීමකින් පුද්ගලයෙක් මරුට. ඔළුව පළලා තිබුණා, උලකින් ඇණලා තිබුණා - බිරිඳ කියයි

ල්කිස්ස පොලිසිය විසින් කළ අමානුෂික පහරදීමක් නිසා තුවාල ලැබූ පුද්ගලයෙකු මියගොස් ඇති බවට චෝදනා එල්ල වී තිබේ. කංසා ළඟ තබාගැනීමේ ව්‍යාජ චෝදනාවක් යටතේ පසුගිය 18 වනදා ගල්කිස්ස පොලිසිය විසින් තම සැමියාව අත් අඩංගුවට ගෙන ඔහුට අමානුෂික ලෙස පහරදී තිබුණු අතර දින 5ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබා නිවසට පැමිණි ඔහු යළි අසනීප වී රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවයි අදාළ පුද්ගලයාගේ බිරිඳ සඳහන් කරන්නේ. 

"ගල්කිස්ස පොලිසියෙන් අත් අඩංගුවට අරගෙන බොරු චෝදනාවක් දාලා, මගේ මනුස්සයාට අමානුෂිකව පහරදීලා, ඊට පස්සෙ උසාවියට දාලා, උසාවියෙන් එළියට ගත්තායින් පස්සෙ හොඳටම අමාරු වුණා. ආපහු ගෙදර ආවා, ගෙදර ඇවිල්ලා ආපිට අමාරු වුණා. ආපිට අමාරු වුණාම මම නැවැත්තුවා ඉස්පිරිතාලෙ. එයා අද උදේ නැතිවුණා කියලා කිව්වා. අමානුෂික විදියට පහරදීලා. මට ඕනෙ මේකට සාධාරණයක් කරන්න.

පොලිසිය අත් අඩංගුවට ගත්තෙ 18 වෙනිදා. ඇප හම්බුණේ 19 වෙනිදා. ආපහු මම රෝහල්ගත කළේ 21 වෙනිදා. ඇඟට අමාරුයි, මගෙ ඇඟ රිදෙනවා කිව්වා. ගහපු තුවාල තිබුණා. පිට තුවාල වෙලා තිබුණා, ඔළුව පළලා තිබුණා, පටි පාරවල් තිබුණා, උලකින් ඇණපු ඒවා තිබුණා. 

ඒක නිසා මම රෝහල්ගත කරා. එතනින් දවස් 5ක් තියාගෙන හිටියා. ඉඳලා ඊට පස්සෙ ගෙදර ආවා. රෝහලෙන් කලිනුත් ජේ. එම්. ඕ. කියලා තිබුණා හොඳටම පහරදීලා, පුතා ඔයා නවතින්න කියලා. මේගොල්ලො කිව්වාලුනෙ කියන්න එපා කියලා. ඒගොල්ලොන්ව පාවාදෙන්න එපා, අද ඇප දෙන්නම් කියලා තිබුණා. මෙයා බයට ගෙදර ආවා, පහර දුන්නෙ නෑ කියලා. මේ පහරදීමට සම්බන්ධ කවුද කියන්න මම හරියට දන්නෙ නෑ, මහත්තයා කිව්වෙ පහක් හයක් හිටියා කියලා. 

ඇඟ දුර්වල කෙනෙක්නෙ මට ගහන්න එපා කියලා කියලා තිබුණා. කිව්වට අහලා නෑ ඉතිං. නහයට පෙට්‍රල් දාලා, නහයට වතුර අල්ලලා, හතර පාරක් පෙට්‍රල් දාලා ගහලා තියෙනවා. මට අමාරුයි මම මැරෙයි මේකෙන් කියලා තමා ගෙදර ආවාම කිව්වෙ. මම මානව හිමිකම් එකට කිව්වා, පොලිස් මූලස්ථානයට කිව්වා, මේ ගැන සාධාරණයක් කරලා දෙන්න කියලයි මම ඉල්ලන්නෙ" යනුවෙනුයි ඇය මාධ්‍ය කළ විමසීමකදී පැවසුවේ. 

මෙසේ මියගොස් ඇත්තේ කළුබෝවිල ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි පුද්ගලයෙකි. 


No comments:

Post a Comment

Post Bottom Ad