ඇමති දිනේෂ්ට ජාත්‍යන්තර විරෝධය.. මියන්මාර හමුදා නායකයන්ට ආරාධනා කරලා.. විදෙස් මාධ්‍ය ලොව පුරා කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, March 10, 2021

ඇමති දිනේෂ්ට ජාත්‍යන්තර විරෝධය.. මියන්මාර හමුදා නායකයන්ට ආරාධනා කරලා.. විදෙස් මාධ්‍ය ලොව පුරා කියයි

කුමන්ත්‍රණයකින් බලය අල්ලා ගත් මියන්මාර ආණ්ඩුවේ විදේශ අමාත්‍යවරයා වෙත ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් සිදුකරන ලද ආරාධනාවකට මියන්මාර වැසියන් සමාජ ජාල ඔස්සේ දැඩි විරෝධය පළ කරමින් සිටී. ජාත්‍යන්තර මාධ්‍ය ද වාර්තා පළ කර ඇත්තේ ශ්‍රී ලංකාව මියන්මාර හමුදා නියෝජිතයන්ට නිල වශයෙන් ආරාධනා කර ඇති බවයි.

එළැඹෙන අප්‍රේල් මාසයේ දී කොළඹ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති රැස්වීමක් සඳහා මෙම ආරාධනාව විදේශ අමාත්‍ය ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා විසින් යොමු කර තිබේ.

කෙසේ නමුත් විදේශ අමාත්‍යංශ ලේකම්වරයා රොයිටර් පුවත් සේවයට පවසා ඇත්තේ මියන්මාර වත්මන් විදේශ ඇමතිට ආරාධනා කරන ලද්දේ මියන්මාරය BIMSTEC සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට හෝ අත්මිටුවීමට නොහැකි නිසා බවයි.

කෙසේ නමුත් ඉන් මියන්මාර හමුදා රජය පිලිගැනීමක් අදහස් නොකරන බවත් ඒ ගැන ස්ථාවරයක් ගෙන නැති බවත් විදේශ ලේකම්වරයා සදහන් කර ඇත.

රොයිටර් වාර්තාව මෙතනින්


No comments:

Post a Comment

Post Bottom Ad