ආණ්ඩුවේ මන්ත්‍රීවරු 43ක් අගමැති හමුවෙයි: වීඩියෝ සාක්ෂිත් එක්ක විමල්ට එරෙහිව බරපතළ චෝදනාවක් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, March 11, 2021

ආණ්ඩුවේ මන්ත්‍රීවරු 43ක් අගමැති හමුවෙයි: වීඩියෝ සාක්ෂිත් එක්ක විමල්ට එරෙහිව බරපතළ චෝදනාවක් !

ණ්ඩුවේ පසුපෙළ නියෝජනය කරන මන්ත්‍රීවරුන් 43 දෙනකු අගමැති මහින්ද රාජපක්ෂ මහතා මුණගැසී අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව බරපතළ චෝදනාවක් ඉදිරිපත් කොට ඇති බව වාර්තා වේ. එහිදී මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇත්තේ ආණ්ඩුවේ ඇතුළේ සිට කැබිනට් අමාත්‍ය ධූරයක් දරමින් විමල් වීරවංශ මහතා ආණ්ඩුව විනාශ කරන වැඩපිළිවෙළක නිරත වෙමින් සිටින බවකි.

ඉකුත් දින කිහිපයේ විමල් වීරවංශ මහතා කර ඇති ප්‍රකාශවලින් ආණ්ඩුව දැඩි අපහසුතාවට ලක්ව ඇති බව මෙහිදී අගමැතිවරයාට පෙන්වා දී ඇති පසුපෙළ මන්ත්‍රීවරුන් ඊට අදාළ වීඩියෝ පට පවා අගමැතිවරයාට නැරඹීමට ලබා දී ඇති බව දැනගන්නට ඇත.

එම වීඩියෝ පට නැරඹීමෙන් පසු අගමැතිවරයා පවා විමතියට පත්ව සිටි බවක් වාර්තා වේ.

අතීතයේ සිදුවූ ඇතැම් සිදුවීම් නැවත සිදුවෙමින් පවතින බවත්, එම අතීත සිදුවීම්වලින් පාඩම් ඉගෙන ගෙන ඇති බවක් නොපෙනෙන බවත් පසුපෙළ මන්ත්‍රීවරුන් මෙහිදී අගමැතිවරයා වෙත පෙන්වා දී තිබේ.

ඒ අනුව විමල් වීරවංශ මහතාගේ ක්‍රියාකලාපයට එරෙහිව දැඩි තීන්දුවක් ගන්නා ලෙසත්, එසේ නොවුණහොත් ආණ්ඩුව ජනතාව අතර අප්‍රසාදයට ලක්වීම වළක්වා ගත නොහැකි බවත් පසුපෙළ මන්ත්‍රීවරුන් අගමැතිවරයාට අවධාරණය කොට තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad