පරිසරය වනසන ඩෝසර් ටික ගල් නොකරොත් ජනතාව සමග එක් වී ආණ්ඩුව ඩෝසර් කර දමන බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කරයි.
පක්ෂයක් ලෙස සොබාදහම පරිසරය ආරක්ෂා කිරීම සඳහා ජනතාවට මතයක් සාදා පුළුල් පෙරමුණක් හැදීමට තම පක්ෂය කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය.
පරිසරය විනාශ කරන ඩෝසර ටික අරලියගහ මන්දිරය හා ජනාධිපති මන්දිරයේ ගාල් කර තබා ගන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවද පැවසූ ඔහු දිගින් දිගටම පරිසරය විනාශ කළහොත් ජනතාව සමඟ එකතු වී ආණ්ඩුව ඩෝසර කර දමන බවද කියා සිටියේය.


No comments:
Post a Comment