රටට සේවය කරන්න මම ආයෙමත් පාර්ලිමේන්තු එනවා – මර්වින් - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, March 3, 2021

රටට සේවය කරන්න මම ආයෙමත් පාර්ලිමේන්තු එනවා – මර්වින්

මන්ගේ අවසන් දේශපාලන ඉලක්කය රටට සේවය කිරීම සඳහා යළිත් පාර්ලිමේන්තුව නියෝජනය කිරීම බව හිටපු අමාත්‍ය වන මර්වින් සිල්වා පවසයි.

තමා මෙන්ම රාජපක්ෂවරුන්ද රුහුණේ බව සිහිපත් කරන මර්වින් සිල්වා රට පාවා දී, ජාතික සම්පත් විකුණා ශ්‍රේෂ්ඨ රාජපක්ෂ නාමයේ තාර නොගාන ලෙස ද රාජපක්ෂවරුගෙන් ඉල්ලයි.

පසුගිය මහ මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් තරග කොට මර්වින් සිල්වා පරාජයට පත්විය.

මර්වින් සිල්වා මේ අදහස් පළ කර තිබුණේ යූටියුබ් චැනලයක් සමග සාකච්ඡාවකට එක්වෙමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad