පාස්කු ප්‍රහාරය පසුපස සිටි අයව රහස් පොලිස් විමර්ශනයෙන් හෝ අනාවරණය කිරීම අත්‍යාවශ්‍යයයි - විමල් - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, March 3, 2021

පාස්කු ප්‍රහාරය පසුපස සිටි අයව රහස් පොලිස් විමර්ශනයෙන් හෝ අනාවරණය කිරීම අත්‍යාවශ්‍යයයි - විමල්

පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයාබැලූ කොමිෂන් සභාවේ වාර්තාව පිළිබඳව පොදුවේ ගත්කල සෑහීමකට පත්වීමට නොහැකි බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. 

"මුළු රටම අවධානයෙන් හිටියා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පසුගිය රජය සමයේ පත්කරපු ඒ ජනාධිපති කොමිෂන් සභාවෙන් නිවැරදි තොරතුරු එළියට එයි කියලා. සමහර තොරතුරු එළියට ඇවිල්ලා තියෙනවා, නමුත් පොදුවේ ගත්තාම සෑහීමකට පත්වෙන්න බෑ. 

ඒ ප්‍රහාරය පිටිපස්සේ හිටිය උදවිය කවුද, ඒ පිටිපස්සේ විදෙස් බලවේග හිටියා නම් ඒකවුද කියන මේ රටේ ජනතාව අපේක්ෂා කරපු සමහර තොරතුරු ඒකෙ අන්තර්ගත වෙලා නෑ. දැනට රහස් පොලිසිය කරගෙන යන විමර්ශන මගින් හෝ ඒ නිවැරදි තොරතුරු අනාවරණය කරගැනීම ඉතාම අත්‍යාවශ්‍යයි. ඒ වගේම ඒ පාස්කු ප්‍රහාරයට ගෑවිච්ච සියලු දෙනාම නීතිය හමුවට ගෙන ඒමත් අත්‍යාවශ්‍යයි. 

කොමිෂන් සභා වාර්තාව කියන්නෙ එක දෙයක් විතරයි. ඒ නිසා තවමත් ප්‍රමාද නෑ නීතිය ක්‍රියාත්මක කරන්න. අපි බලාපොරොත්තු වෙනවා පොලිසිය ඒ කටයුත්ත කරයි කියලා"

අප්‍රේල් 21 වනදා වනවිට යුක්තිය ඉටු නොවන්නේ නම් දිවයින පුරා කළුකොඩි ඔසවා විරෝධය පළකරන බවට කාදිනල් හිමියන් කළ ප්‍රකාශය පිළිබඳ විමසීමේදී ඒ මහතා පැවසුවේ "පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ සියලු වග උත්තරකාර පාර්ශ්වයන් නීතිය හමුවට ගෙන ඒම සඳහා ඒ බලකිරීම කළ යුතුයි, ඒක සාධාරණයි" යනුවෙනි. 


No comments:

Post a Comment

Post Bottom Ad