තරුණියගේ හිස බෑගයක දමා කැළණි ගගට විසිකරලා..? - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, March 4, 2021

තරුණියගේ හිස බෑගයක දමා කැළණි ගගට විසිකරලා..?

බුත්තල පොලිසියේ සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයා අතින් ඝාතනය වූ බවට සැකකෙරෙන අදාළ කාන්තාව නිවසින් පැමිණීමේදී රැගෙන ආ බෑගය පිළිබඳවද මේ වනවිට විශේෂ අවධානයක් යොමුවී ඇති බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසූවේ එම බෑගය ද මෙතෙක් සොයා ගැනීමට නොහැකි වී ඇති බවය.

එම යුවල නැවතී සිටි නවාතැන්පොළ හංවැල්ල – කොළඹ මාර්ගයේ කැලණි ගඟ ආසන්න ප්‍රදේශයක පිහිටා ඇති බවත් යම් හෙයකින් ඝාතක පොලිස් නිලධාරියා විසින් කාන්තාවගේ හිස ඇයගේ බෑගයේ දමා කැලණි ගඟට විසිකරන්නට ඇත්දැයි පොලිස් විමර්ශන කණ්ඩායම්වලට සැකයක් මතුවී ඇති බවද අජිත් රෝහණ මහතා පැවසීය.

ඒ අනුව මේ පිළිබඳව විශේෂ සෝදිසි කිරීමේ මෙහෙයුමක් ඊයේ (04) සවස 3.00ට ආරම්භ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

කැලණි ගඟ මුහුදට සම්බන්ධ වන මෝදර ප්‍රදේශයේ සිට හංවැල්ල දක්වා අදාළ සෝදිසි කිරීම් සිදුකෙරෙනු ඇත.

ඝාතනයට ලක් වූ තරුණියගේ හිස මෙතෙක් සොයා ගැනීමට නොහැකිවීම හේතුවෙන් නිශ්චිත ලෙසම අනන්‍යතාව තහවුරු කර ගැනීම සඳහා DNA පරීක්ෂණයක් කිරීමට අවශ්‍ය සාම්පල ඇයගේ සිරුරෙන් සහ ඥාතීන්ගෙන් ලබාගැනීමට ඊයේ තීරණය කළ අතර අද දිනයේ ඊට අදාළ සාම්පල ලබාගෙන තිබුණි.

පිටකොටුව, වේල්ල වීදිය ප්‍රදේශයෙන් සොයා ගැනුණු හිස රහිත කාන්තා මළ සිරුර සම්බන්ධයෙන් සිදුකළ DNA පරික්ෂණ වාර්තා ලැබෙන තෙක් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමේ හැකියාවක් නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මීට පෙර පැවසීය.

– adaderana


No comments:

Post a Comment

Post Bottom Ad