පාර්ලිමේන්තුව නියෝජනය කරන ඇමතිවරුන්ගේ සහ මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් නිරාවරණය කළ නොහැකි බව පාර්ලිමේන්තුව නිල වශයෙන් නිවේදනය කර ඇත. තොරතුරු දැනගැනීමේ පනත යටතේ Sunday Times පුවත්පත ඉදිරිපත් කළ ඉල්ලීමට පාර්ලිමේන්තුවේ තොරතුරු නිලධාරී ලෙස කටයුතු කරන සහකාර පාර්ලිමේන්තු මහලේකම් ටිකිරි කොබ්බෑකඩුව විසින් මේ බව දැනුම් දී ඇත. අධ්‍යාපන සුදුසුකම් පෞද්ගලික තොරතුරු බැවින්ද එම තොරතුරු සහ මහජන ක්‍රියාකාරකම් අතර කිසිදු සම්බන්ධයක් නැති බැවින්ද පාර්ලිමේන්තුව විසින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 90 වගන්තිය අනුව මන්ත්‍රීවරයෙක් ලෙස තේරී පත්වීමට අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය නොවන බවත් ඡන්ද දායකයෙක් වීම පමණක් ප්‍රමාණවත් බවත් පාර්ලිමේන්තුව විසින් වැඩිදුරටත් පුවත්පතට දන්වා ඇත.මන්ත්‍රීවරුන් කොතරම් ප්‍රමාණයකට අපරාධ චෝදනා ඇත්දැයි විමසූ ප්‍රශ්නයටද පාර්ලිමේන්තුවෙන් තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප කර ඇත.
Sunday, March 28, 2021
මැති ඇමතිලාගේ අධ්‍යාපන සුදුසුකම් එළියට දෙන්න පාර්ලිමේන්තුව බෑ කියයි
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment