ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනයට කමිටුවක් පත්කරන්නැයි නීතිපති කියයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, March 28, 2021

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනයට කමිටුවක් පත්කරන්නැයි නීතිපති කියයි!

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි නිලවරණයෙන් නව නිලධාරීන් පත්වන තෙක් ක්‍රිකට් පරිපාලනය සඳහා කමිටුවක් පත්කරන ලෙස නීතිපතිවරයා දැනුම් දී ඇති බව වාර්තා වේ. හිටපු නිලධාරී මණ්ඩලයේ නිල කාලය පසුගිය පෙරවාරි මස 20 වැනිදා අවසන් වූ බව ද නිතීපතිවරයා දැනුම් දී තිබේ.

හිටපු නිලධාරීන් මණ්ඩලය තව දුරටත් කටයුතු කිරීම නීති විරෝධී යැයි කෝල්ට්ස් ක්‍රිකට් සමාජය ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතාට යොමු කළ විරෝධතාව අමාත්‍යවරයා නීතිපතිවරයාට යොමු කර තිබුණි.

එයට ප්‍රතිචාර ලෙස නීතිපතිවරයා මෙම තීරණය ක්‍රීඩා අමාත්‍යවරයාට දැනුම් දී තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය ලබන මැයි මස 20 වැනිදා පැවැත්වීමට නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad