වද විඳ රෝහල් ගතවී පොලිසියෙන් සිරකළ මාධ්‍යවේදියාට ඇප - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, March 19, 2021

වද විඳ රෝහල් ගතවී පොලිසියෙන් සිරකළ මාධ්‍යවේදියාට ඇප

පැහැරගෙන වධහිංසාවට ලක්වීම ගැන කළ පැමිණිල්ලක් අසත්‍ය බවට චෝදනා කරමින් පොලිසිය විසින්
අත් අඩංගුවට ගන්නා ලද මාධ්‍යවේදියකු  මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබේ.  කොළඹ පොලිස්  අපරාධ කොට්ඨාශය (CCD) විසින් අලුත්කඩේ අධිකරණයට ඉදිරිපත් කළ සියරට මාධ්‍යවේදී සුජීව ගමගේ ඇප මත නිදහස් කිරීමට විනිසුරුවරයා නියෝග කර ඇති බවයි නීතිඥ නාමල් රාජපක්ෂ පවසන්නේ.

ඔහුට නීති සහාය ලබා දීම සදහා ගිය නීතිඥවරයා පවසා තිබුනේ මාධ්‍යවේදියාට නීති සහාය ලබා දීම පොලීසිය විසින් තර්ජනයෙන් වළකා ලු බවයි.

''මම කොළඹ අපරාධ කොට්ඨාශයට ගියේ මගේ සේවාදායකයාගේ පවුලේ අයගේ දැනුම් දීමට. ඔහුව පැය ගණනක් පීඩාවට පත් කරමින් ප්‍රශ්න කරන් ඉන්නවා කියලයි පවුලේ අය මට කිවුවේ. ඒ වුණාට මට මගේ සේවාදායකයට නීති සහාය දෙන්න බැරි වුණා විතරක් නෙමෙයි, 'නීතිඥවරයෙක් ඔහු වෙනුවෙන් පොලිසියට ආපු එක වරදක් ඒ නිසා එයාව නිදහස් කරන්නේ නෑ'  කියලත් තර්ජනාත්මකව කිවුවා,” යි මාධ්‍යවේදී සූජිව ගමගේ වෙනුවෙන් කරුණු දැක්වීමට CCD ට ගොස් තිබුණු නීතිඥ නාමල් රාජපක්ෂ ජේඩීඑස් හා පවසා තිබුනි.
 
මාර්තු 19 බ්‍රහස්පතින්දා කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසා තිබුනේ තමාව පැහැරගෙන ගොස් පහරදී චිප් පතක් ඉල්ලූ බවට සියරට පුවත්පතේ මාධ්‍යවේදියකු විසින් පසුගිය දා  සිදු කර තිබු පැමිණිල්ල සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.
 
ඒ සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය සම්පුර්ණ විමර්ශනයක් පවත්වා ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා තිබුනි.

No comments:

Post a Comment

Post Bottom Ad