දෙ‍හිවල බෝම්බකරු හමු වූ බුද්ධි නිළධාරියා කවුද? කොමිසම ඇයි එයාව හංගන්නෙ ? - (Video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, March 10, 2021

දෙ‍හිවල බෝම්බකරු හමු වූ බුද්ධි නිළධාරියා කවුද? කොමිසම ඇයි එයාව හංගන්නෙ ? - (Video)

පාස්කු ප්‍රහාරයේ වාසිය ලබාගෙන බලයට පත් වූ වත්මන් ආණ්ඩුව පාස්කු කොමිසමෙන් හා එහි අවසන් වාර්තාවෙන්ද දේශපාලන වාසි ලබා ගැනීමට සූදානම් වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. කොමිසමේ වාර්තාවට මුවා වී ජනතාවගේ සිවිල් අයිතිවාසිකම් කප්පාදු කිරීමට ආණ්ඩුව සූදානම් වන බව මන්ත්‍රීවරයා පවසනවා.

පාස්කු කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් කල්තැබීමේ විවාදයට සහභාගිවෙමින් වික්‍රමරත්න මහතා මේ බව සඳහන් කළේය.

දෙහිවල ලැගුම්හලකදී බෝම්බයක් පුපුරවා ගනිමින් මියගිය පුද්ගලයා පාස්කු ප්‍රහාරයට පෙර හමුදා බුද්ධි නිළධාරියෙකු හමු වී ඇති බව හිටපු පොලිස්පතිවරයා කොමිසම හමුවේ හෙලිදරව් කර නමුත් ඒ සම්බන්ධයෙන් වාර්තාවේ සඳහන් නොවන බව පෙන්වා දෙන ඉරාන් වික්‍රමරත්න මහතා පවසන්නේ පාස්කු කොමිසම මේ පිළිබඳව සිදුකළ විමර්ශන මොනවාද යන්න හෙලිදරව් කර නොමැති බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad