විපක්ෂයේ හේෂාට මුඛවාඩම් ඕන: ආණ්ඩුවේ චමල්ට මුඛවාඩම් එපා: ලැජ්ජයි කතානායකතුමා - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, March 11, 2021

විපක්ෂයේ හේෂාට මුඛවාඩම් ඕන: ආණ්ඩුවේ චමල්ට මුඛවාඩම් එපා: ලැජ්ජයි කතානායකතුමා - (video)

ද පාර්ලිමේන්තුවේදී අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න විමසන අවස්ථාවේදී කථානයක මහින්ද යාපා අබේවර්ධන විසින් විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතාට මුඛ ආවරණය පැළඳ කතා කරන ලෙස දැනුම් දීමත්, පිළිතුරු දීමේදී අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාට මුඛ ආවරණ පළදින ලෙස දැනුම් නොදීමත් විපක්ෂයේ දැඩි විවේචනයට හේතු විය.

එහිදී කතානායකවරයාට ගරු කරමින් හේෂා විතානගේ මන්ත්‍රීවරයා මුඛ ආවරණය පැළඳ සිය කතාව සිදු කරන ලදී.

නමුත් පිළිතුරු දෙන අවස්ථාවේ අමාත්‍යවරයා මුඛ ආවරණ පැළඳ කතා නොකිරීම සම්බන්ධයෙන් කතානායකවරයා කටයුතු නොකිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා කතානායකවරයාට චෝදානාත්මකව අදහස් දක්වන ලදී.

“පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට සමාන ලෙස සැලසීම ඔබතුමාගේ යුතුකමක්. ඔබතුමා හේෂා විතානගේ මන්ත්‍රීතුමාගේ මුඛවාඩම ගැන ඇහුවා ප්‍රශ්නේ අහනකොට. හැබැයි චමල් රාජපක්ෂ ඇමතිතුමාට උත්තරේ දෙන්න පුළුවන් මුඛ වාඩමක් නැතුව. මොකක්ද කතානායකතුමා ලැජ්ජයි. ලැජ්ජයි කතානායකතුමා ලැජ්ජයි.” යනුවෙන් මනූෂ නානායක්කාර මහතා කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad