ලෝක කුසලාන සැමරුම් උත්සවයේදී අගමැති ඉදිරියේ අර්ජුණ කෙලින් ම කියපු කතාව - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, March 18, 2021

ලෝක කුසලාන සැමරුම් උත්සවයේදී අගමැති ඉදිරියේ අර්ජුණ කෙලින් ම කියපු කතාව - (video)

ශ්‍රී ලංකාව ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමේ 25 වන සැමරුම අදට යෙදී තිබේ.

එය සැමරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද කොළඹදී සැමරුම් උත්සවයක් පැවැත්විණි.

මෙහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට පදක්කම් ප්‍රදානය කිරීමක් ද සිදු කෙරිණි.

මෙම උත්සවය අමතමින් ක්‍රිකට් ලෝක කුසලානය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරූ අර්ජුණ රණතුංග මහතා ද සභාව ඇමතීය.

එහිදී ඔහු ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාව සතුව ඉතා දක්ෂ පුහුණුකරුවන් සිටින බවය.

එම දක්ෂ පුහුණුකරුවන්ගෙන් සේවයක් නොගෙන විදෙස් රටවල පුහුණුකරුවන් යොදා ගැනීම නතර කළ යුතු බවට ඔහු යෝජනා කළේය.

මෙම තත්ත්වය වෙනස් කර ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව වර්ධනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයාගෙන් සහ ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරන බව ද අර්ජුණ රණතුංග මහතා පැවසීය.


No comments:

Post a Comment

Post Bottom Ad