ජිනීවා මානව හිමිකම් කොමිසමක් තිබෙන බව රටට හඳුන්වා දුන්නේ අගමැතිතුමා - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, March 9, 2021

ජිනීවා මානව හිමිකම් කොමිසමක් තිබෙන බව රටට හඳුන්වා දුන්නේ අගමැතිතුමා - (video)

ජිනීවා වල මානව හිමිකම් කොමිසමක් තිබෙන බව මේ රටේ ජනතාවට පෙන්වා දී තිබෙන්නේ මහින්ද රාජපක්ෂ වත්මන් අග්‍රාමාත්‍යවරයා බව දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී ශානක්‍යන් රාසමානික්කම් මහතා පාර්ලිමේන්තුව හමුවේ හෙළිදරව් කරයි.

මෙරට මානව හිමිකම් උල්ලංඝනය වීම් ගැන මුලින්ම ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ගියේ අග්‍රාමාත්‍යවරයා බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

එහෙත් දැන් ජිනීවා මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකාවට එරෙහි කොමිසමක් ලෙස මෙරට ජනතාව තුල මතයක් ගොඩ නගා තිබෙන බවද මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

මේ රටේ බොහෝ දේශපාලනඥයින්ගේ දරුවන් විදේශ ගතව ඉගෙන ගැනීම සාමාන්‍ය දෙයක් බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා මෙරට සාමාන්‍ය පවුල්වල දරුදැරියන් ද කැනඩාව, ඕස්ට්‍රේලියාව වැනි රටවල අධ්‍යාපනය ලැබීමට, ජීවත්වීමට කැමති බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා ඊට ප්‍රධාන හේතුව එම රටවල මානව අයිතීන් හොඳින් ක්‍රියාත්මක වීම බවද අවධාරණය කරයි.


No comments:

Post a Comment

Post Bottom Ad