ආණ්ඩුවේ ලොකු ඉඩමක් ගිලින්න ඇමතිවරයෙක් සැරසේ.. නිවාස සංකීරණයක් හදන්නලු.. ජනපතිට පැමිණිලි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, March 9, 2021

ආණ්ඩුවේ ලොකු ඉඩමක් ගිලින්න ඇමතිවරයෙක් සැරසේ.. නිවාස සංකීරණයක් හදන්නලු.. ජනපතිට පැමිණිලි

දුම්රිය දෙපාර්තමේන්තුව යටතේ ඇති නාවලපිටිය ප්‍රදේශයේ අක්කර දෙකක පමණ ඉඩමක් ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකු පවරා ගැනීමට උත්සාහ කරමින් සිටින බවට දුම්රිය වෘත්තිය සමිති චෝදනා කරයි. නිවාස සංකීර්ණයක් ඉදිකිරීම සඳහා එම අමාත්‍යවරයා මෙම ඉඩම ලබා ගැනීමට උත්සාහ කරන්නේ යයිද සංගමයේ කැඳවුම්කරු එස් ජී විතානගේ මහතා පැවසීය.

දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් තාවකාලිකව බදු පදනම යටතේ ලබා දුන්නද ඒවායේ ස්ථිර ගොඩනැගිලි පිටස්තර පුද්ගලයන්ට ඉදි කළ නොහැකි බව ද ඔහු පෙන්වා දෙයි.

මීට පෙරද මෙම අමාත්‍යවරයා විසින් දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉඩමක් තාවකාලික බදු පදනම යටතේ ලබා ගෙන එහි ගොඩනැඟිලි ඉදිකර ඇති බවත් විතානගේ මහතා පැවසීය.

ඒ අනුව මෙම ක්‍රියාව නවතා දමන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිඛිතව පැමිණිලි කළ බවද ඔහු තවදුරටත් කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad