දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන 8ක් එක පෙළට ගැටෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, April 14, 2021

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන 8ක් එක පෙළට ගැටෙයි


දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලණිගම සහ දොඩම්ගොඩ අතර වාහන කිහිපයක් ගැටීමෙන් සිදුවූ රිය අනතුරු නිසා එම මාර්ගයේ රථවාහන තදබදයක් පැවතිණි.
පොලිස් මාධ්‍ය ඒකකය පැවසුවේ, වාහන 8ක් ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබූ බවය.

පැය කිහිපයක් මෙම මාර්ගයේ රථවාහන තදබදයක් පැවතුණු අතර මේ වන විට මාර්ගයේ රථවාහන ධාවනය යථා තත්ත්වයට පත් කර ඇතැයි පොලිසිය පවසයි.

කෙසේ වෙතත්, අද දිනයේ රථවාහන ධාවනය වැඩි වී ඇති හෙයින් අදාළ ප්‍රදේශයේ රථවාහන ධාවනය සාමාන්‍ය තත්ත්වයට පත් වීමට තවත් ස්වල්ප වේලාවක් ගත වනු ඇතැයි පොලිසිය සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad