මට බනින්න ජනාධිපතිට බෑ… මැරුවත් කට වහන්නෙ නෑ..- මුරුත්තෙට්ටු හිමි - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, April 17, 2021

මට බනින්න ජනාධිපතිට බෑ… මැරුවත් කට වහන්නෙ නෑ..- මුරුත්තෙට්ටු හිමි

තමනට බැන වැදීමට ජනාධිපතිවරයාට නොහැකි බව නාරාහෙන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කරති. තමන් මරා දැමිය හැකි වුවද තමන්ගේ කට වැසීමට නොහැකි බවද උන්වහන්සේ කියා සිටිති.

කොළඹ වරාය නගරය ව්‍යාපෘතිය හරහා හැදෙන්නේ වෙනම රටක් බව පවසන උන්වහන්සේ තමන් කරන්නේ කොන්ත්‍රාත්තුවක් නොවන බවත් සල්ලි වලට, වාහන වලට, ගොඩනැගිලිවලට තමන් මිලට ගත නොහැකි බවද කියා සිටිති.

තමන් සජිත් ප්‍රේමදාස මහතා විසින් මෙහෙයවනවා යැයි කල ප්‍රකාශය අමාත්‍ය මහින්දානන්දගේ වාචාල කතාවක් යයිද හිමියෝ පවසති.

අනෙක් භික්ෂූන් වහන්සේලා අද වන විට මුදල් වාහන දී කටවල් වසා දමා ඇතැයි ආනන්ද හිමියෝ තව දුරටත් කියා සිටිති.

අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමින් එහිමියෝ මෙම අදහස් පල කලහ.

No comments:

Post a Comment

Post Bottom Ad