බස්නාහිර සියළු කොරෝනා ඇදන් පිරී අවසන්… තවත් රෝගීන්ට ඉඩ නෑ.. ඉඩ නැතිව අයෙක් මිය ගියා - පලාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තු ලේකම් - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, April 29, 2021

බස්නාහිර සියළු කොරෝනා ඇදන් පිරී අවසන්… තවත් රෝගීන්ට ඉඩ නෑ.. ඉඩ නැතිව අයෙක් මිය ගියා - පලාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තු ලේකම්

බස්නාහිර පළාතේ කොරෝනා ආසාදිතයන් ට ප්‍රතිකාර කිරීම සඳහා වෙන්කර ඇති රෝහල්වල ඇඳන් සම්පූර්ණ ධාරිතාවට පැමිණ ඇතැයි බස්නාහිර පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ලේකම් ගාමිණී ධර්මසේන මහතා සඳහන් කරයි. ඩේලි මිරර් පුවත්පත වෙත ඔහු ඳහන් කරන්නේ මෙය භයානක තත්ත්වයක් බවත් සැඟවීමට කිසිවක් නොමැති බවත් ය.

මේ හේතුවෙන් අලුතෙන් වාර්තා වන රෝගීන්ට රෝහල්වල ඉඩක් ලබා දීමට නම් දැනට සිටින රෝගීන් බැහැර වනතෙක් සිටීමට සිදුවනු ඇතැයිද ඔහු කියා සිටියේය.

රෝහල් ඉඩක් සොයා ගැනීමට අපහසු වීමෙන් පසුගිය 28 වැනි දා ආසාදිතයකු මිය ගොස් ඇතැයිද ඔහු පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad